‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, පොලිසිය විසින් ඊයේ (20) දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් 813 ක් සිදු කර තිබෙන අතර එම වැටලීම්වලදී සැකකරුවන් 805 ක් අත්අඩංගුවට ගත් බවත්, 11 දෙනෙක් පුනරුත්ථාපනයට යොමු කළ බවත් පොලීසිය විසින් ප්‍රකාශ කරන ලදී.

හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 263 කින් හෙරොයින් ග්‍රෑම් 348 ක්ද, අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 303 ක් අතරින් අයිස් කි‍ලෝග්‍රෑම් 62 යි ග්‍රෑම් 370 ක්ද සොයාගෙන ඇත.

මීට අමතරව, වැටලීම් 190 කින් ගංජා කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 500 ක් හා ගංජා පැළ 28,929 ක්ද සොයාගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

එම සම්පූර්ණ වාර්තාව පහතින් දක්වා ඇත.