රාජ්‍ය බැංකුවලින් ලබාගත් ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් විපක්ෂය සිදුකරන ප්‍රකාශ දත්ත සහිතව ඉදිරිපත් කළ යුතු බව ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදය ප්‍රකාශ කරන ලදී.

2024 වසරේ ණය ලබාගත් ගනුදෙනුකරුවන් මේ වන විට ණය නොගෙවන තත්ත්වයක සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සිදුකළ ප්‍රකාශය සාවද්‍ය බව ඔවුන් සඳහන් කළේය.

එසේම අතීතයේදී දේශපාලන හිතවත්කම් මත රාජ්‍ය බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩලවලට පුද්ගලයන් පත්කිරීම සහ දේශපාලනඥයන්ගේ ඥාතීන්ට හා හිතවතුන්ට ණය ලබාදීම සිදුවූ බවටද සංසදය චෝදනා කළේය.

බැංකු පද්ධතියේ අක්‍රීය ණය අනුපාතය අඩු වී ඇති බව පෙන්වා දුන් ඔවුන්, මේ සම්බන්ධයෙන් රැස්කරගත් තොරතුරු සහ වාර්තා සමඟ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමේදී දේශපාලන ප්‍රකාශ වෙනුවට නිවැරදි දත්ත හා සාක්ෂි මත පදනම් වන ලෙසද ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදය වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>