රට තුළ අවශ්‍ය තරම් තෙල් සංචිත පවතින බැවින් ජනතාව අනවශ්‍ය ලෙස කලබල වීමේ අවශ්‍යතාවක් නොමැති බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය මුහම්මදු ඉල්යාස් මුහම්මදු අර්කම් පවසයි.
ඒ අනුව මසකට වඩා වැඩි කාලයකට අවශ්‍ය ඉන්ධන සංචිත පවතින බවත්, අනවශ්‍ය ලෙස කලබලයට පත් වී ඉන්ධන ලබා ගැනීම හරහා ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් ගැටලු මතු විය හැකි බවත් ඔහු පෙන්වා දෙන ලදී.
ජනතාව මෙසේ වැඩිපුර ඉන්ධන එක්රැස් කිරීමට කටයුතු කළහොත් QR ක්‍රමවේදයට යාමට සිදු වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
සම්පූර්ණ ප්‍රකාශය ‘webnews’ Youtube නාලිකාව හරහා නැරඹිය හැකිය. >>>>>>>>





