හෝමාගම සහ කොබෙයිගනේ පොලිස් භාරයට පත්වූ පුද්ගලයන් දෙදෙනකුගේ මරණ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වේ.

හෝමාගම සිද්ධිය පිළිබඳව පුද්ගලයන් 17 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිසිය පවසයි. ඒ අතර පොලිස් නිලධාරීන් නවදෙනකු සහ සිවිල් පුද්ගලයන් අටදෙනකු සිටිති.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හෝමාගම පොලිසියේ හිටපු අපරාධ අංශ ස්ථානාධිපතිවරයා නොවැම්බර් 12 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පොලිස් නිලධාරීන් සිව්දෙනකුගේ සේවයද අත්හිටුවා ඇත.

මියගිය පුද්ගලයාට පොලිසිය පහරදුන් බවට ඥාතීන් චෝදනා කර තිබේ. පොලිසිය මුලින් සඳහන් කළේ ඔහු හදිසියේ අසනීප වී රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බවයි. මහජන ආරක්ෂක අමාත්‍යවරයා ස්වාධීන විමර්ශනයක් සඳහා උපදෙස් දී ඇති අතර මානව හිමිකම් කොමිසමද වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇත.

කොබෙයිගනේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරුන් දෙදෙනකුගේ සහ කොස්තාපල්වරයකුගේ සේවය අත්හිටුවා තිබේ. සැකකරුට පහරදුන් බව කියන සිවිල් පුද්ගලයන් පස්දෙනකුද අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පවසන්නේ ගම්වැසියන්ගේ පහරදීමකට ලක්වූ සැකකරු පොලිස් ස්ථානයට රැගෙන ආ පසු වහාම රෝහල්ගත කර නොමැති බවයි. එහෙත් අත්අඩංගුවට ගත් ගම්වැසියන්ගේ ඥාතීන් පවසන්නේ ඔහු පොලිසියට භාරදෙන විට තුවාල නොතිබූ බවය. සිද්ධිය පිළිබඳ විමර්ශන තවදුරටත් පැවැත්වේ.