පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධ විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම සලකා බැලීම ලබන මාර්තු මස 05 වැනිදා සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නොවැම්බර් 25 වැනිදා දින නියම කළේය.
එදින පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කරන ලෙස මහින්ද සමයවර්ධන ප්රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල පෙත්සම්කරුට නියම කර තිබේ.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධ විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට පෙර අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබිණි. එම රිට් පෙත්සම අභියාචනාධිකරණයෙන් ප්‍රතික්ෂේප වීමෙන් පසු, එම නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සම ගොනු කර ඇති අතර, නොවැම්බර් 25 වැනිදා එය කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කර ඇත.





