2015 සිට 2019 දක්වා කාලය තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවක අතිකාල දීමනා රුපියල් තිස්එක්ලක්ෂ එකොළොස් දහසක මුදලක් වංචා කළ බව කියන සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ඩි.ඩි. ආනන්ද පාලිත දෙසැම්බර් 4 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නොවැම්බර් 25 වැනිදා නියෝග කෙරිණි.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු දැක්වීමකින් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂ විතාන මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

2015 සහ 2019 වසර අතර කාලසීමාව තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවක අතිකාල දීමනා වශයෙන් රුපියල් 3,111,000ක මුදලක් වංචා කිරීමේ සිද්ධියට අදාළව සැකකරු අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇති බව සඳහන් වේ.