ප්‍රවීණ සංගීතඥ වික්ටර් රත්නායක මහතාගේ බාල සොහොයුරාගේ මළ සිරුර අතුරුගිරිය, බොරළුගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී පසුගිය 18 වැනිදා සොයාගෙන තිබේ. මියගොස් ඇත්තේ රත්නායක ආරච්චිලාගේ දොන් ප්‍රීමන් නමැති 65 හැවිරිදි පුද්ගලයකු බව අතුරුගිරිය පොලිසිය සඳහන් කරයි.
වෘත්තියෙන් කැමරා ශිල්පියකු වන ඔහු අදාළ නිවසේ හුදෙකලාව ජීවත්ව සිට ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පසුගිය 18 වැනිදා පස්වරුවේ නිවස දෙසින් දුගඳක් හමන බවට ඇති වූ සැකයක් මත ප්‍රදේශවාසීන් පොලිසිය දැනුවත් කර තිබේ. ඒ අනුව සිදු කළ පරීක්ෂාවේදී නිවස තුළ තිබී මළ සිරුර සොයාගෙන ඇති අතර, මළ සිරුර හමු වන අවස්ථාව වන විට ඔහු මියගොස් දින දෙකක් පමණ ගත වී ඇති බවට පොලිසිය සැක පළ කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් තලංගම හදිසි මරණ පරීක්ෂිකා, සාම විනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය විසින් ස්ථානීය පරීක්ෂණය සිදු කරනු ලැබීය.
මරණයට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අතුරුගිරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.




