දිට්වා ව්‍යසනයෙන් හානියට පත් උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සිට අඹේවෙල දක්වා කොටසේ ඉදිකිරීම් බිමල් රත්නායක අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වූ අතර එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, දුම්රිය මාර්ගයේ නාය යාම් හා පොළොව කඩා වැටීම් නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී ඇති බවයි.

එසේම නානුව ප්‍රදේශය තාක්ෂණික වශයෙන් වැදගත් ස්ථානයක් වන අතර එහිදී දුම්රිය මාර්ගය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය බවත් මීට පෙර ආරක්ෂක අමාත්‍යංශය හා විපත් කළමනාකරණ අංශය එක්ව AI පද්ධති භාවිතයෙන් නාය යාමට ඉඩ ඇති ස්ථාන 23ක් හඳුනාගෙන ආරක්ෂා කළ බවත් එතුමා සඳහන් කරන ලදී.

මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදුකරන සමාගමද එම 23 ස්ථාන ආරක්ෂා කළ පළපුරුද්ද ඇති සමාගමක් බවත් එම නිසා ව්‍යාපෘතියේ ආරක්ෂාව පිළිබඳව විශ්වාසය ඇති බවද ඔහු සඳහන් කළේය.

එසේම අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, නානුව – අඹේවෙල දුම්රිය මාර්ගය තුන් මසකින් සම්පූර්ණ කිරීමට සැලසුම් කර ඇති අතර, එය ප්‍රදේශයේ ජනතාවට දැඩි ආධාරයක් වනු ඇති බවයි.

බස් සේවා දියුණු නොවීම නිසා දුම්රිය මාර්ගය මෙම ගම්මානවලට ඇති එකම ප්‍රවාහන පහසුකම බවද ඔහු අවධාරණය කළ එතුමා අවසානයේ ප්‍රකාශ කළේ, “මෙම ව්‍යාපෘතිය තුන් මසකින් සම්පූර්ණ කළහොත් ජනතාවගේ ජීවිතය සරල කර ගැනීමට අපට හැකි වනු ඇත” යනුවෙනි.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>