වෘත්තීය සමිති කිහිපයක් විසින් දේශපාලන අරමුණක් මුල් කරගෙන දින දෙකක් ක්‍රියාත්මක කළ සංකේත දුම්රිය වැඩවර්ජනය මේ වනවිට සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බව සමස්ත ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.
වැඩවර්ජනය පැවති පළමු දිනයේදී දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියාමකවරුන්, රියදුරන් ඇතුළු නිලධාරීන් පිරිසක් දැඩි කැපවීමකින් සේවය කිරීම හේතුවෙන් දුම්රිය ගමන්වාර 200කට වැඩි සංඛ්‍යාවක් ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවත් දෙවැනි දිනයේදීද කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ බවත් ඔහු සඳහන් කළේය.
වැඩවර්ජනයට එක්වූ සේවකයන්ට තවමත් ප්‍රමාද වී නොමැති බැවින් සේවයට වාර්තා කර දුම්රිය සේවය පවත්වාගෙන යාමට සහාය වන ලෙසද ඉල්ලා සිටි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලද්දේ දුම්රිය සේවය යහපත් තත්ත්වයකට පත් කළ හැක්කේ වැඩවර්ජන තුළින් නොව, ජනතාවට නිසි සේවයක් ලබාදීම තුළින් බවය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>




