අද (22) දින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍ය වාර්තාකරුවෙකු විමසන ලද්දේ ශ්‍රී ලංකා රජයේ ණය ගෙවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගැටලු සහිත සිදුවීමක් පිළිබඳවයි.
ඔහු සඳහන් කළේ, 2025 සැප්තැම්බර් මාසයේ අවසානයේදී ගෙවීමට නියමිත ඩොලර් මිලියන 22.9ක ණය මුදලෙන් කොටසක් වූ ඩොලර් මිලියන 2.5 ක් 2025 දෙසැම්බර් සිට 2026 ජනවාරි අතර කාලය තුළ ගෙවී ඇති නමුත් එය නියමිත ණයකරුට නොව, පරිගණක හැකර්වරයෙකුට ගොස් ඇති බවයි.
එයට පිළිතුරු ලෙස අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරන ලද්දේ වාර්තාකරු විසින් විමසන ලද්දේ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණත්න මහතා විසින් කථානායකවරයාට ඉදිරිපත් කළ ලිපිය පිළිබදව විය යුතු බවත් ඒ පිළිබදව ලිපිය හැර වෙනත් කිසිම තොරතුරක් දැනට වාර්තා වී නොමැති බවත් ඉදිරියේදී මුදල් අමාත්‍යංශය විසින් පැහැදිලි කිරීමක් සිදු කරනු ඇති බවය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





