ආබාධිත ප්‍රජාවට ප්‍රමුඛතාවය ලබා දීමේ අරමුණින් පත්ල පහත් බස් රථ සේවාව මාකුඹුරින් ඊයේ (21) දින ආරම්භ කරන ලදී.
මෙම අවස්ථාවේදී අමාත්‍ය බිමල් රත්නාය ප්‍රකාශ කරන ලද්දේ, සියලු ජනතාවට මනුෂ්‍ය ගරුත්වය සහිතව ගමන් බිම යාමට හැකි වීමේ අරමුණින් මෙම සේවාව ක්‍රියාත්මක කරන බවයි.
ඔහු පැවසූයේ, බස් නවතා ගැනීම සීමා කරමින් සේවාව කඩිනම් කිරීමෙන් පුද්ගලික වාහන භාවිතය අඩු කර පොදු ප්‍රවාහනයට ජනතාව යොමු කිරීමට මෙය උපකාරී වන බවයි.
මෙය කර්මාන්තයක් ලෙස ගෙන යාමටත්, නියමිත වේලාවට සේවාව ආරම්භ කර අවසන් කිරීමටත්, ආදායම සහ ලාභය නියමිතව ලබා ගැනීමටත් හැකි වන බවද ඔහු පැවසීය.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූයේ මෙම නව සේවාව ආබාධිත ප්‍රජාවට සහ පොදු ජනතාවට ගමන් පහසුකම් සලසන අති වැදගත් පියවරක් බවයි.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





