ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන සතියේ පිලිපීනයේ මැනිලා නුවරදී Quad කණ්ඩායම හමුවීමට සැලසුම් කර ඇතැයි Associated Press ප්රවෘත්ති සේවය වාර්තා කරයි. ඇමෙරිකාව, ඉන්දියාව, ජපානය සහ ඔස්ට්‍රේලියාව එම කණ්ඩායමේ සාමාජික රටවල්ය.
මැනිලා සංචාරයේදී තායිලන්තය සමඟ වෙළෙඳ ගිවිසුමකට අත්සන් කිරීමටත්, ඉන් අනතුරුව චීනයේ පැවැත්වෙන APEC සමුළුවට සහභාගි වීමටත් ට්‍රම්ප් සැලසුම් කර ඇති බව එම ප්රවෘත්ති සේවය පවසයි.




