පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා ප්‍රකාශ කරන ලද්දේ විපක්ෂය සමාජ මාධ්‍ය තුළ සහ මාධ්‍ය තුළ ඝෝෂා නැගුවද, ජනතාවගේ සැබෑ බලය ඔවුන්ට නොමැති බවයි.
එක්සත් ජාතික පක්ෂය බුරියානි දන්සලක් පවත්වාගෙන යන බවත්, අනෙක් නායකයන් පෝය නිසා සිල් ගන්න බව කියමින් කම්කරු දිනය සමරන්නේ නැති බවත් සඳහන් කරමින් ඔහු ප්‍රකාශ කරන ලද්දේ, රජය ලෙස තමන් හට ජනතාවගේ විශ්වාසය තවමත් තිබෙන අතර, ගාලු මුවදොර පිටිය පිරවිය හැකි තරම් මහජන බලයක් ආණ්ඩුව සතුව ඇති වගයි.
ආණ්ඩුවට තවමත් ජනතාවගේ විශ්වාසය තිබෙන අතර, දිස්ත්‍රික් 21කදී විශාල සැමුරමක් ලෙස මැයි දිනය සමරන බවද ඔහු ප්‍රකාශ කරන ලදී.
ඔහු වැඩිදුරටත් පැවසූයේ, ජනතාව ආණ්ඩුව සමඟ සිටින බවත්, විපක්ෂයට ජනතා බලය නැති බවත්ය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





