ඇමරිකාවට ශ්‍රී ලංකාවෙන් ආනයනය වන භාණ්ඩ සම්බන්ධ තීරු බදු, ශ්‍රී ලංකා ආර්ථිකයේ දක්නට ලැබෙන ප්‍රගතිය සහ අනාගත වෙළෙඳ ගිවිසුම් පිළිබඳව එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතනයේ නියෝජිත මණ්ඩලය අද (11) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡා කළේය.
ජනාධිපතිවරයා අවධාරණය කළේ ශ්‍රී ලංකාව කුඩා ආර්ථිකයක් වන අතර බාහිර බලපෑම් දැඩි ලෙස බලපාන බවත්, එවැනි සාධක සලකා ගනිමින් වෙළෙඳ ගිවිසුම් ඉදිරියට ගෙන යා යුතු බවත්ය. දිගුකාලීන දෙරට සබඳතා ශක්තිමත් කිරීමද වැදගත් බවද සඳහන් කළේය.
මෙම හමුවට ඇමරිකා තානාපති ජූලි චංග් සහ USTR නිලධාරීන් ඇතුළු ශ්‍රී ලංකා හා ඇමරිකා නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.






