මාලිමා රජය භාරගත්තේ ආර්ථික වශයෙන් කඩාවැටුණු රටක් බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි පවසා තිබේ.

උත්සව අවස්ථාවකට එක්වෙමින් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, 2019 වසරේදී එවකට සිටි රජය නිසි සොයාබැලීමකින් තොරව බදු කපා හැරීම ආර්ථික වශයෙන් ගත් ඉතා බොළඳ තීරණයක් බව සඳහන් කළේය.

කොවිඩ් වසංගතයට මුහුණ දුන් ආකාරය පිළිබඳව සඳහන් කරමින් ඔහු පෙන්වා දුන්නේ කොළඹ මාස දෙකක් එකදිගට වසා තැබූ බවයි.

ආර්ථිකය කඩාවැටීමට වගකිවයුතු පිරිස් අද පැමිණ තමන්ට ආර්ථිකය ගැන කියා දීමට උත්සාහ කරන බව ද හංසක විජයමුණි ප්‍රකාශ කළේය.