සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික මහාසභාව විසින් ආබාධ සහිත පුද්ගලයන් සඳහා නව පාරිභාෂිත යෙදුම් 11ක් අනුමත කර ඇත.

පසුගිය 23 වනදා අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ජාතික මහාසභාවේදී මෙම අනුමත කිරීම සිදු කරන ලදී.

මෙම නව යෙදුම් සන්නිවේදන කටයුතු සඳහා භාවිතා කරන ලෙස සියලු රාජ්‍ය ආයතන, අමාත්‍යංශ සහ සංවිධානවලින් ඉල්ලා සිටින අතර, තවත් යෝජිත වචන පිළිබඳ මහජන අදහස් ලබා ගැනීමට සති දෙකක කාලයක් ලබාදී ඇත.

ආබාධ සහිත ප්‍රජාවට ගෞරවනීය පුරවැසිභාවයක් තහවුරු කිරීම මෙහි අරමුණ වේ.

මේ පිළිබදව වැඩි විස්තර අපගේ ‘webnews’ youtube නාලිකාව හරහා නැරඹිය හැක.