”සැබෑ බොදු බලයක් මේ රටේ ගොඩනැගෙන්න ඕනේ. අන්න ඒ බලයට නායකත්වය දීම සඳහා අවශ්‍ය කරන පිරිස් සූදානම් කර ගැනීම ,මිනිස්සු අවධි කිරීම, මිනිස්සුන් පෙළගැසීම සඳහා අපි මේ පාගමන පාවිච්චි කරමු…”

රටේ දැනට පවතින අර්බුදය හමුවේ, බුදු දහම විකෘතිව භාවිතා කිරීම සහ භික්ෂූන් වහන්සේලා අයුතු ලෙස මාධ්‍ය තුළ යොදාගැනීම පිළිබඳ චේනක අබේසිංහ විසින් විවේචනය කරනු ලැබුවේ පැවති මාධ්‍ය හමුවකදීය.

දේශපාලනිකව ආගම්වාදය හා ජාතිවාදය භාවිතා කිරීම නවත්වා, සැබෑ බොදු බලයක් ගොඩනගා රටේ ඒකාබද්ධතාවය තහවුරු කිරීමේ අවශ්‍යතාවය ඔහු මෙහිදී අවධාරණය කරන ලදී.

ඒ අනුව මේ උදෙසා උතුරේ සිට දකුණ දක්වා ගිහියන් සහ පූජ්‍ය පක්ෂය සියල්ල එකතු කරගනිමින් පාගමනක් සංවිධානය කළ බවත් සදහා සියළු ජනතාවට එක්වන ලෙසත් ආරාධනා කරන ලදී.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාව හරහා නැරඹිය හැක.