ජනපති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් අතර හමුව කල්යයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මෙරට ක්‍රිකට් බලධාරීන් අතර අද (14) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල්දමා ඇති බව වාර්තා වේ. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ඒ බව නිවේදනය කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ ක්‍රිකට් කමිටු සාමාජිකයින් එම හමුවට එක්වීමට නියමිතව තිබූණි.