රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂට වසරක ක්‍රිකට් තහනමක් පැනවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

කෙසේ වෙතත්, එය වසර දෙකකට අත්හිටුවූ බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

එමෙන්ම ඔහුට එරෙහිව අමෙරිකානු ඩොලර් 5,000ක දඩයක් ද පැනවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සදහන්.

මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවලට එක්වෙමින් ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් උල්ලංඝනය කළ බවට ඔහුට චෝදනා එල්ල වූ අතර, ඒ පිළිබද කෙරුණු විමර්ශනයකින් පසුවයි අදාළ දඩුවම පනවා ඇත්තේ.

මේ අතර, ඉදිරි තරගාවලි වෙනුවෙන් කොළඹ දී ජෛව ආරක්ෂි බුබුලකට ඇතුළත්ව ඇති ක්‍රීඩකයින් 13 දෙනා අතරට භානුක රාජපක්ෂ ද ඇතුළත් කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, ඔහු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණවලින් සමත් වීමත් සමගයි.

ඒ අනුව හෙට(6) දිනයේ දී භානුක රාජපක්ෂ ජෛව ආරක්ෂිත බුබුලට ඇතුළු වීමට නියමිතයි.