ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ තැතක් ඇතැයි වාර්තා වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ, ආණ්ඩුවේ මෙම ආඥාදායක, ෆැසිස්ට්වාදී වැඩපිළිවෙල පිළිබඳව සමගි ජන බලවේගය දැඩි විරෝධය සහ පිළිකුල පළ කරන බවය.

එමෙන් ම, වත්මන් ආණ්ඩුව බලයට පත් වුණු දා සිට ම ජනතා හිත සුව පිණිස කටයුතු කරනවා වෙනුවට බල උන්මාදයෙන් කටයුතු කරමින් ජන ජීවිත කබලෙන් ලිපට දමමින් පීඩා කරමින් සිටින බවත් ප්‍රජාතන්ත්‍රවාදී සටන් බිමේ අරගලකරුවන් දඩයම් කිරීම සිදු කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය නිවේදනය මගින් අවධාරණය කරන්නේ, රට තුළ ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කිරීමේ අයිතිය සෑම දේශපාලන පක්ෂයට ම ඇති බවත් එය උඋල්ලංඝණය කිරීමේ කිසිදු අයිතියක් ආණ්ඩුවට නොමැති බවත් ය.

සම්පූර්ණ නිවේදනය පහතින්