පසුගිය රජයන් හෙක්ටයාර 1කට ලබා දුන් රුපියල් 15,000ක පොහොර සහනාධාරය, අප රජය වසර දෙකක් තුළ රුපියල් 25,000 දක්වා වැඩි කළ අතර, මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ජනාධිපතිතුමා වෙන් කළ බිලියන 100ක අරමුදලින් තවත් රුපියල් 5,000ක් එකතු කර එය රුපියල් 30,000 දක්වා ඉහළ නංවා ඇති බවද අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම, 2024 වසරේ කුඩා තේ වතු ගොවීන් 84,000කට මෙට්‍රික් ටොන් 13,000ක් දුන්නද, අප රජය පළමු වතාවට QR කේත ක්‍රමවේදය හරහා ගොවීන් 191,000ක් වෙත මෙට්‍රික් ටොන් 21,500ක පොහොර ලබා දී ඇත. මැදපෙරදිග යුද අර්බුදය නිසා කුඩා තේ වතු ගොවීන් මුහුණදුන් අපහසුතා සලකා බලා, ඉහත අරමුදලෙන් මිලියන 2,500ක් ඔවුන්ගේ ගිණුම් වෙත බැර කිරීමටද කැබිනට් මණ්ඩලය තීරණය කළේයකර ඇති බවද එතුමා සඳහන් කළේය.

පවතින ආර්ථික අභියෝග හමුවේ මෙම සහන ඇතැමුන්ට ප්‍රමාණවත් නොවන්නට හැකි වුවද, රටේ තත්ත්වයට ගැළපෙන සැලකිය යුතු සහන රැසක් අපි ජනතාවට ලබා දී ඇති බවද පැවසීය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>