ලංකාවේ ක්‍රිකට් පරිපාලනයට හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට දැනුමක් ඇත්නම් ඉන්දියාවේ දෙවන පෙළ ක්‍රිකට් කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට අනුමැතිය ලබා නොදෙන බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකදීය.

ඉන්දියානු දෙවන පෙළ සමග ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් වලට කරන ලොකු අගෞරවයක් බවත් අප ගොඩනගපු ක්‍රිකට් පරිස්සම් කරන්න ඡන්දයෙන් පත් වන පුද්ගලයන් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය නොමැති බවත් ඔවුන්ට අවශ්‍ය මුදල් ඉපයීම බවත් හිටපු නායක අර්ජුන රණතුංග චෝදනා කරනවා.

⁣එමෙන්ම රටත් ක්‍රීඩාවත් හා ක්‍රීඩා ඇමතිත් ක්‍රිකට් පරිපාලන යන සියලුම දෙනා අසමත් බවත් මෙවැනි ඉන්දියානු දෙවන පෙළක් සමග ක්‍රීඩා කර පරාජයට පත් වුහොත් ක්‍රීඩකයින්ගේ මානසිකත්වය ඉතාමත් පහළට වැටෙන බවය.

මෙය තේරුම් ගැනීමට නොහැකි ඇමතිවරයෙක් හා ක්‍රිකට් පරිපාලනයක් නම් මෙතැනින් ඔබ්බට ප්‍රේක්ෂකයෝ ක්‍රිකට් පිළිබදව කතා කරන එක හා ක්‍රිකට් නැරඹීම නවත්වන එක සුදුසු බවත් හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග වැඩිදුරටත් පවසා සිටියා.