අද කාබනික පොහොර ඉහළම තැනක පවතින අතර මුළු ලෝකයම යන්නේ එතනට බව ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ පවසනවා.

එතුමා ඒ බව පැවසුවේ අද පැවැති ජාතික ගොවි සංවිධාන මණ්ඩලයේ දිස්ත්‍රික්ක නියෝජිතවරු ජනාධිපති කාර්යාලයේ දී හමු වූ අවස්ථාවේ දීය.

කාබනික පොහොර ගෙන්වීමට විරුද්ධ අයත් ආහාරයට ගන්නේත් කාබනික පොහොර වලින් හදපු ආහාර බවත් ඒවා ආහාරයට ගෙන අනිත් අයට වස විශ දා සාදපු ආහාර කවන්න හදන බව ජනාධිපතිවරයා කියා සිටියා.

එමෙන්ම එදා පොහොර වලට යම් කිසි මුදලක් ගෙවු අතර දැන් එය නොමිලේ ලැබෙන බවත් එදා රු 25ට රු 28ට ගත් වී අද රු 50ක සහතික මිලක් ලබා දී තිබියදීත් ඊට වඩා ඉහළ මිලකට වී ලබා ගන්නා බවය.

වැඩි දුරටත් අදහස් දැක් වූ ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ පවසා සිටියේ මෙවැනි දෑ සංසන්දනය කරන විට කිසිම ගොවි මහතෙකුට තමාට විරුද්ධව උද්ඝෝෂණයක් කිරීමට සාධාරණ අයිතියක් නොමැති බවය.