“SME NEXUS – National SME Strategy Framework” යන ජාතික කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව යෝජනා ක්‍රමය ඊයේ (13) දින කොළඹ ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් පරිශ්‍රයේදි නිල වශයෙන් ජනගත කරන ලදී.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කොඳු නාරටියක් ලෙස සැලකෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීම සහ ඩිජිටල්කරණය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.
උත්සවයට සහභාගී වූ කාර්මික අමාත්‍ය සුනිල් හදුනෙත්ති මහතා, ව්‍යාපාර ලියාපංචි කිරීම, බැංකු ණය ලබාගැනීම සහ ව්‍යාප්‍රෘති අනුමත කිරීමේදී කුඩා වීම නිසා ඇතිවන පීඩන තත්ත්වයන් ඉදිරියේදී නොතිබෙන බව අවධාරණය කළේය.
කුඩා වීම දියුණු වීමට බාධාවක් නොවිය යුතු බව අවධාරණය කළ එතුමා SME ව්‍යාපාරයක් ජාත්‍යන්තර වෙළඳපොළට ගෙන යාමට කිසිදු මානසික සීමාවක් නොතිබිය යුතු බවත්, ගම්වල සිටින පුංචි ඒකකයක්වත් ජාත්‍යන්තර මට්ටමේ අපනයනකරුවෙකු බවට පත් විය හැකි බවත් ප්‍රකාශ කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





