ඊයේ (16) දින පැවැති රජයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍ය අනිල් ජයන්ත සඳහන් කරන ලද්දේ, ලෝක වෙළඳපොළේ තත්ත්වය හා යුද්ධය දිගටම යාම නිසා තෙල් මිල ඉහළ යාමට ඉඩ ඇති බවත්, එය ශ්‍රී ලංකාවටත් බලපාන බවත්ය.
නමුත් මේ වන විට රජය විසින් අතිරේක සීමාකිරීම් හෝ බර පැනවීම් කිසිවක් සිදුකර නැති බවත්, ඉදිරියේදී මිල හැසිරීම අනුව නිසි තීන්දු ගෙන ජනතාවට නිවැරදිව දැනුවත් කරන බවත් ඔහු අවධාරණය කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූයේ, වාහන ආනයනය සඳහා මිල වැඩිවීමක් ඇතිව තිබුණද සාමාන්‍ය ආනයන ක්‍රියාකාරකම් හා නිෂ්පාදන කටයුතු වලට කිසිදු බාධාවක් නොමැති බවයි.
රජය මූල්‍ය ක්ෂේත්රය පාලනය කිරීමේදී මහ බැංකුව මගින් අවශ්‍ය මැදිහත්වීම් සිදුකරන බවත්, වෙළඳපොළ තුළ තොරතුරු සීමා කරමින් කිසිදු කණ්ඩායමකට අනවශ්‍ය ලාභ උපයාගැනීමට ඉඩ නොදෙන බවත් ඔහු පැහැදිලි කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





