ශ්‍රී ලංකා – ඉන්දීය මාධ්‍ය මිත්‍රත්ව සංගමය (SLIMFA) විසින් සංවිධානය කරන ලද Media Fest Sri Lanka 2026 හි දෙවන අදියර අද (11) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.
“වෙනස් වන ලෝකයක ප්‍රායෝගිකව තිරසාරව රැඳී සිටීම” යන තේමාව යටතේ පැවති මෙම සමුළුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මාධ්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ දෙරටේ මාධ්‍යවේදීන්ට අදහස් හුවමාරු කර ගැනීම සඳහා වේදිකාවක් සැපයීම අරමුණු කර ගත්තේය.
සමාරම්භක අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු දෙරටේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් රැසක් එක් වූහ.
ඉන්දියාවේ ANI ප්‍රධාන කර්තෘ ස්මිතා ප්‍රකාශ්, India Today කළමනාකාර කර්තෘ මරියා ශකීල් සහ The Asia Groupහි අශෝක් මලික් ඇතුළු මාධ්‍ය පෞරුෂයන් ද මෙම සමුළුවට සහභාගි වූහ.
උත්සවයෙන් අනතුරුව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය සමුළුවේ වැදගත්කම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කළාය.





