දිට්වා ආපදා තත්ත්වයෙන් ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයට සිදුවූ හානි සහ යටිතල පහසුකම් කඩිනමින් යථාවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගිය (10) දින විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

මෙහිදී ආපදාවෙන් හානියට පත් මාර්ග, පාලම් සහ අනෙකුත් යටිතල පහසුකම් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මෙන්ම ඉදිරි සංවර්ධන කටයුතුවලදී මතුවිය හැකි ගැටලුවලට කඩිනම් හා තිරසාර විසඳුම් ලබාදීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

හානියට පත් යටිතල පහසුකම් යථාවත් කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් කෙටි හා දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී එකඟතාව පළ විය.