ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගයෙන් ක්‍රියාත්මක iRoad ව්‍යාපෘතියේ පස්වන අදියර අද (25) දින නැගෙනහිර පළාතෙන් ආරම්භ කෙරිණි.

මෙම අදියර යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග 27ක් සංවර්ධනය කිරීමට නියමිත අතර, ඒ සඳහා රුපියල් මිලියන 1,700ක මුදලක් වැය කිරීමට නියමිතය. ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කිරීම, ජනජීවිතය සරල කිරීම සහ ආර්ථික ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු වේ.