ජාත්‍යන්තර මුහුදු සීමාවේ මසුන් ඇල්ලමින් සිටියදී ඉන්දීය නාවික හමුදාව පහරදුන් බව කියමින් තුවාල ලැබූ ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් හා බහුදින ධීවර යාත්‍රා 2ක අද (17) දික්ඕවිට වරායට ළඟා විය.

13 දෙනෙකුගෙන් සමන්විත මේ පිරිස බහුදින යාත්‍රාවලින් මුහුදු ගොස් තිබුණේ, පසුගිය මැයි මැස 7 වන දිනයි.

ජූනි 4 වැනිදා ඉන්දීය නාවික හමුදාව විසින් බෝට්ටුවලට ඇතුළු වී මත්ද්‍රව්‍ය ඇති බවට පවසමින් පරීක්ෂා කළ බව ධීවරයෝ පවසති.

පහර දීමට ලක්වූ ධීවරයින් පැවසුවේ, පැය කිහිපයක් තිස්සේ, සුදු යකඩ පයිප්පවලින් පහර දුන් බවයි.

තුවාල ලබා සිටි ධීවරයින් ගිලන් රථවලින් වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල වෙත රැගෙන ගොස් තිබේ.