දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් කොළඹ දී ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ව හමුවී තිබේ.

ආර්. සම්පන්දන්, මාවෙයි සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාතන්, සෙල්වම් අඩෙක්කලනාදන්, සහ එම් ඒ සුමන්තිරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊට එක්වී තිබේ.  

මෙරට දෙමළ ජනතාව අභිලාෂයන් ට අනුව සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ සංහිඳියාව ඇතිවන පරිදි එක්සත් ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීමක් ඇතිකිරීම සඳහා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව සභාය දෙන බව ගෝපාල් බාග්ලේ මහතා පැවසීය.