එළඹෙන සතියේ සිට ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබාදීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

ඒ තීරණය ගෙන ඇත්තේ ජනාධිපතිවරයා සහ මුදල් ඇමතිවරයා සහභාගී වූ සාකච්ජාවකින් අනතුරුවයි. මෙරටට පැමිණ තරු තුනේ හෝ ඊට ඉහළ හෝටල්වල නතර වීමට එකඟ වන සංචාරකයින්ට මෙම අවසරය හිමිවේ.

ඉන්දියාවේ කොවිඩ් පැතිරයාම වේගවත් වීම නිසා ඉන්දීය සංචාරකයින්ට ආගමන තහනමක් පැනවීමට ලක් රජය තීරණය කල අතර මේ වනවිට ඉන්දියාවේ දෛනික ආසාධිතයින් ගණන 30,000- 25,000 අතර ප්‍රමාණයක් දක්වා පහත වැටෙමින් පවතිනවා.