ලෝකයේ වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවි රැසක හැකර්වරුන් විසින් අනිෂ්ට කේත තැන්පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බීබීසී (BBC), සීඑන්එන් (CNN), සූම් (Zoom), HSBC, Salesforce සහ Equifax ඇතුළු ප්‍රධාන පෙළේ වෙබ් අඩවි 200කට ආසන්න ප්‍රමාණයක් මෙම සයිබර් බලපෑමට ලක්ව තිබේ.

මෙම අනිෂ්ට කේත හේතුවෙන් අදාළ වෙබ් අඩවි වෙත පිවිසෙන පරිශීලකයින්ගේ පෞද්ගලික සහ මූල්‍ය තොරතුරු සොරකම් කිරීමට ලක්වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව සයිබර් ආරක්ෂක අංශ පෙන්වා දෙයි. මේ වන විට අදාළ ආරක්ෂක පියවරයන් සහ පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් පවතින බව සඳහන් වේ.