ජෝර්දානයේ දකුණු ප්‍රදේශයේ පිහිටි ග්‍රීක ඕතඩොක්ස් දේවස්ථානයකට එල්ල වූ මාරාන්තික වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් නවදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකුට එල්ලුම් ගස මඟින් මරණ දඬුවම නියම කර තිබේ.
පසුගිය ඔක්තෝබර් 23 වැනිදා කරක් පාලන ප්‍රදේශයේ හම්මුද් ගම්මානයේ පිහිටි දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට කඩා වැදුණු සන්නද්ධ පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර තිබූ අතර, එහිදී පුද්ගලයන් නවදෙනෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලැබූහ. ප්‍රහාරයෙන් පසු පලාගිය සැකකරුවන් සොයා ගැනීම සඳහා ආරක්ෂක අංශ මෙහෙයුම් දියත් කළ අතර, දින තුනකට පසු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි විය.
අත්අඩංගුවට පත් වූ සැකකරුවන් අතර ජෝර්දාන ජාතික සහෝදරයන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ විවාහක ඥාතියෙකු සිටින බව බලධාරීන් සඳහන් කර ඇත. ඒ අනුව, අදාළ ත්‍රස්ත ප්‍රහාරය සිදුකිරීමේ චෝදනාවට වරදකරුවන් වූ මෙම පුද්ගලයන් තිදෙනාට රාජ්‍ය ආරක්ෂක අධිකරණය විසින් මෙලෙස මරණ දඬුවම නියම කර ඇති බව ජෝර්දාන හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
