33වන APEC නායකයන්ගේ නිල නොවන සමුළුව ලබන 18 සහ 19 යන දිනවල චීනයේ ගුවැන්ඩොං (Guangdong) පළාතේ ෂෙන්සෙන් (Shenzhen) නගරයේදී පැවැත්වීමට නියමිතය. අදාළ සමුළුව සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සම්පූර්ණ කර ඇති බව 2026 APEC සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථානය නිවේදනය කර ඇත.
මෙම සූදානම් කිරීමේ කටයුතුවලදී ගුවැන්ඩොං පළාතට ආවේණික සුවිශේෂී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් හරිත බලගැන්වීමට සහ පාරිසරික ශිෂ්ටාචාර සංකල්පය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට විශේෂ අවධානයක් යොමු කර තිබේ. එපමණක් නොව, සමුළුවට පැමිණෙන නියෝජිතයන් පිළිගැනීමේ සේවා, නගර චාරිකා, පරිශ්‍ර අලංකරණය, කලා ප්‍රසංග සහ ආහාර සැපයුම් සේවා ආදී විවිධ අංශ සාම්ප්‍රදායික චීන සංස්කෘතිකාංග සමඟ මනාව අනුකූල කර සකස් කර ඇත.
මීට අමතරව, සමුළුව වඩාත් කාර්යක්ෂම සහ නවීන අත්දැකීමක් බවට පත් කිරීමේ අරමුණින්, පිළිගැනීමේ සේවා සහ නගර සංචාර ඇතුළු සමස්ත ක්‍රියාවලිය සඳහා කෘත්‍රිම බුද්ධිය වැනි අතිනූතන ඩිජිටල් තාක්ෂණයන් ද පුළුල් ලෙස එක් කර තිබීම කැපී පෙනෙන ලක්ෂණයකි.
