අනුරාධපුර – රඹෑව – වැලිඔය මංසන්ධිය අසලදී ඒ-9 මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථ තුනක් එකිනෙක ගැටීමෙන් සිදුවූ දරුණු අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද පෙරවරුවේ සිදුව ඇති මෙම අනතුරින් තවත් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරුව, ඒ මතට පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක්ද ගැටී මෙම ත්‍රිකෝණාකාර අනතුර සිදුව තිබෙන බව පොලීසිය පවසයි.

අනතුරට ලක්වීමෙන් බරපතල තුවාල ලැබූ පිරිස ප්‍රතිකාර සඳහා රඹෑව ප්‍රාදේශීය රෝහලට සහ අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.