නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී අධිකරණයට ඉදිරිපත් කරන කරුණු සහ සාක්ෂි මත පදනම්ව ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
ඊයේ (04) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ, නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන මඟින් මෙතෙක් සියලු කරුණු අනාවරණය වී නොතිබිය හැකි බවය.
අපරාධයක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ආයතනවල වගකීම වන්නේ සාක්ෂි මත පදනම්ව අදාළ කරුණු අනාවරණය කර ගැනීම බවද ඔහු පැවසීය.
යම් පුද්ගලයෙකු නීතියට පටහැනි ක්‍රියාවක් සිදුකර ඇත්නම් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම වැළැක්විය නොහැකි බවත්, වරදක් තහවුරු වුවහොත් නීතිමය ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් පූර්ව නිගමනවලට එළඹීම වෙනුවට විමර්ශන සහ අධිකරණ ක්‍රියාවලියට අනුව කටයුතු කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>




