අද (25) දින මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරන ලද්දේ විවිධ වූ හේතූන් මත මෙරට දේශීය ආයෝජන අභියෝග රැසකට මුහුණ දී ඇති බවය.

එබැවින් ආයෝජකයන්ට පහසුකම් සැලසීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාල යටතේ ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටත්,
ආයෝජන සඳහා පවතින පරිපාලන බාධක ඉවත් කරමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති ප්‍රශස්තකරණය පිණිස ඉහළ අධිකාරීත්වයක් සහිතව එකී මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීමටත් ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දුන් වග අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදී.

එම මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීම සඳහා ආයෝජකයන් වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි විධිමත් පහසුකම් සහිත ස්ථානයක අවශ්‍යතාවය පැන නැඟී ඇති බැවින් ඒ සඳහා කොළඹ 07 හෙක්ටර් කොබ්බෑකඩුව මාවට්තේ පිහිටි ශ්‍රී 80 දරණ රජයේ නිල නිවාස සුදුසු වග හඳුනාගෙන ඇති බවත් ඔහු වැඩීදුරටත් ප්‍රකාශ කරන ලදී.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>