ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය අවසන් වූයේ අද (මැයි 18) දිනට වසර 17 සපිරෙයි.
2009 මැයි 18 වැනිදා නන්දිකඩාල් කලපුවේදී LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මියයෑමත් සමඟ, දශක තුනකට අධික කාලයක් පැවති යුද්ධය නිල වශයෙන් අවසන් විය.
LTTE ක්‍රියාකාරකම් ආරම්භ වූයේ 1975 ජුලි 27 වැනිදා යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙයප්පා ඝාතනය කිරීමෙන් පසුය. එතැන් සිට ඔවුන් ශ්‍රී ලංකා මහ බැංකුව, කටුනායක ගුවන්තොටුපොළ වැනි ආර්ථික මර්මස්ථාන සහ ජය ශ්‍රී මහා බෝධිය, ශ්‍රී දළදා මාලිගාව වැනි පූජනීය ස්ථානවලට ප්‍රහාර එල්ල කළහ.
LTTE විසින් මාවිල්ආරු ජල සොරොව්ව වසා දැමීමෙන් පසු, සන්නද්ධ හමුදාවන් විසින් විශාල මෙහෙයුමක් ආරම්භ කළ අතර, ගුවන් හා නාවික හමුදා සහයත් එක්වී ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට කටයුතු කළහ.
ඉන් සමඟ සිවිල් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් ද සිදු කරමින්, 2009 මැයි 18 වැනිදා LTTE නායකත්වය අවසන් වූයේ දශක තුනකට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය අවසන් කළ මොහොතක් ලෙසයි.
මෙය ශ්‍රී ලංකාවේ ආරක්ෂාව, ආර්ථිකය සහ සමාජය සඳහා ඉතා වැදගත් මොහොතක් ලෙස සලකනු ලබයි.





