පසුගිය දින කිහිපයේදී ලැබුණු අධික වර්ෂාව සැලකිල්ලට ගනිමින් ජාතික ගොඩනැගිලි පර්යේශන ආයතනය විසින් නායයෑම් අවදානම් පිළිබඳව නව නිවේදනයක් නිකුත් කර ඇත.

එහිදී දිස්ත්‍රික් 13කට අදාළ ප්‍රාදේශීය කොට්ඨාශ කිහිපයකට නායයෑම් අවදානම තවදුරටත් දිගු කර ඇති බව සඳහන් වේ.
කළුතර, රත්නපුර, කුරුණෑගල, කොළඹ, ගාල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් මේ සඳහා ඇතුළත් කර තිබේ.

විද්‍යාඥ දුමින්ද රත්නායක මහතා ප්‍රකාශ කළේ, කඳුකර ප්‍රදේශවල වර්ෂාව තවදුරටත් වර්ධනය වුවහොත් නායයෑම් සහ ගල් පෙරළීම් සිදුවිය හැකි බවයි.

එම නිසා මෙම ප්‍රදේශවල ජීවත් වන ජනතාව සහ ගමන් කරන ජනතාව නායයෑම් පූර්ව ලක්ෂණ නිරීක්ෂණය කිරීම, අවදානම් ස්ථානවලින් ඉවත් වීම සහ ජාතික ගොඩනැගිලි පර්යේශන ආයතනය සහ අහපදාන මධ්‍යස්ථානය නිකුත් කරන නිවේදන අනුව ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බවයි.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>