ටවර් හෝල් පදනම විසින් 30 වැනි වරටත් සංවිධානය කළ 2024/2025 සමස්ත ලංකා පාසල් නාට්‍ය තරඟාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය මැයි 15 වැනිදා සව්සිරිපාය පරිශ්‍රයේදී පැවැත්වුණි.

මෙම උත්සවයට සහභාගි වූ අග්‍රාමාත්‍ය ආචාරිනී හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළේ, සමාජය වෙනස් කිරීම සඳහා ආකල්ප වෙනසක් අත්‍යවශ්‍ය බවයි.

නීති මගින් පමණක් සමාජ අර්බුදය විසඳාගැනීම පහසු නොවන අතර, අධ්‍යාපන පරිවර්තනය හරහා නායකත්වය, සාමූහිකත්වය සහ නිර්මාණශීලී පුරවැසියන් බිහි කිරීමේ අරමුණ ඉටු කළ යුතු බව ඇය අවධාරණය කරන ලදී..

ඇය තවදුරටත් සඳහන් කළේ, විභාග ජයගැනීම පමණක් නොව, සමාජය ශිෂ්ඨ සම්පන්න තැනකට ගෙනයෑමට හැකි ආකල්පමය පුරවැසියන් බිහි කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන අරමුණ බවයි.

අධ්‍යාපනය තුළ සිදුකරන පරිවර්තනය මගින් සමාජය සංවේදී, දියුණු සහ නිර්මාණශීලී මිනිසුන්ගෙන් සමන්විත වීමේ අවශ්‍යතාවය ඇය විශේෂයෙන් අවධාරණය කරන ලදී.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>