මෙවර 17 වන ජාතික රණවිරු සැමරුම් උළෙල 2026 මැයි 19 වන අඟහරුවාදා දින, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සහභාගීත්වයෙන් බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අසල පැවැත්වීමට නියමිතව ඇත.
උත්සවය පස්වරු 2.45ට ආරම්භ වන අතර, යුද්ධයේදී දිවි පිදූ ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් ජනාධිපතිවරයා ඇතුළු ප්‍රභූන් විසින් පුෂ්පෝපහාර දැක්වීම සිදු කරනු ලබයි.
මෙම සැමරුම් උත්සවය ආරක්ෂක අමාත්‍යාංශය සහ රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන අතර, රටේ සාමය උදෙසා තම ජීවිතය පිදූ රණවිරුවන් හට ජාතියේ කෘතඥතාව ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් ලෙස සැලකේ.





