කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව අද (12) පැවති දිස්ත්‍රික් සැලසුම් කමිටු රැස්වීමේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ජනතාවගේ ප්‍රායෝගික අවශ්‍යතා සලකා බලා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

මෙම අවස්ථාවේදී 2026 සහ 2027 වර්ෂ සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන වැඩසටහන් පිළිබඳව සාකච්ඡා සිදු කරන අතර, ග්‍රාමීය මාර්ග සංවර්ධනය, දරිද්‍රතාවය තුරන් කිරීම සහ යටිතල පහසුකම් නංවාලීමේ අරමුණින් විශේෂ අවධානය යොමු කරන බව සඳහන් විය.

දරිද්‍රතාවය තුරන් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක “ප්‍රජා ශක්ති” වැඩසටහන සඳහා රුපියල් මිලියන 1036 ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, සියලු ව්‍යාපෘති 2026 නොවැම්බර් 30 වන විට අවසන් කිරීමට අග්‍රාමාත්‍ය උපදෙස් ලබා දුන්නාය.

මීට අමතරව පාසල් ක්‍රීඩා පිටි සංවර්ධනය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය සහ බුද්ධශාසන හා පරිසර අමාත්‍යාංශය යටතේ විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳවද කමිටුවේදී සාකච්ඡා කරන ලදී.