දශක ගණනාවක් පුරා මැතිවරණවලදී ඉඩම් හිමිකම් ගැටළුව විසදුම් ගෙන ඒමට ජනතාවට පොරොන්දු දී තිබුණද, පසුගිය ආණ්ඩු විසින් එය යථාර්ථයක් කරගැනීමට නොහැකි වූ බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් ප්‍රකාශ කරයි.
ඒ අද (23) දින හිමිකම නිදහස් ප්‍රදාන පත්‍ර ලබාදීමේ වැඩසටහන පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.
ජාතික ජනබලවේගය (NPP) මෙම ගැටළුවේ බරපතලකම අවබෝධයට ගෙන, “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන ප්‍රතිපත්ති ප්‍රකාශයට ඉඩම් හිමිකම් නිරවුල් කිරීම ඇතුළත් කර ඇති බවත් ඒ අනුව මෙම වැඩපිළිවෙල යටතේ, අදාළ පුරවැසියන්ට නිල ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන ආරම්භ කිරීමට සූදානම් වගත් එතුමා ප්‍රකාශ කරන ලදී.
මෙය ජාතික උත්සවයක් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර පළමු උත්සවය 2026 පෙබරවාරි 27 වෙනිදා පස්වරු 2.00ට, අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, අනුරාධපුර උතුරුමැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන බවට එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.





