”රට බංකොලොත් වෙනකන් අපේ රටේ ජනතාව පාරට වැටෙනකන්, පෝලිම් වල හිටගන්නකන් රට පාලනය කරපු විදිහ හින්දා තමයි 225 එපා කියලා මිනිස්සු පාරට බැස්සේ. ඒක ඕගොල්ලෝ හැදුවේ අපි හැදුවේ නැහැ.”
ඊයේ (17) දින පාර්ලිමේන්තු සැසිවාරයේදී මෙසේ අදහස් දක්වන ලද්දේ ලක්මාලි හේමචන්ද්‍ර මැතිනිය විසිනි.
ජනතාව ප්‍රතික්ශේප කරන ලද්දේ 225ම අනවශ්‍ය බවට පැවසීමට තරම් දේශපාලනයක් සිදු කළ දේශපාලකයින් වගත් ඒ අනුව ජනවරමට අනුව නව දේශපාලඥයෙක් සෑදීම රජයේ වගකීම බවත් එතුමිය මෙහිදී ප්‍රකාශ කරන ලදී.
මහජන නියෝජිතයා හෑල්ලු වන එකම අවස්ථාව ඔවුන් මහජනතාවට එරහිව කටයුතු කරනවා නම් පමණක් බවත් ප්‍රකාශ කළ එතුමිය වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ මහජන නියෝජිතයා ජනතාවගේ විශ්වාසය දිනාගත යුතු බවත් එවිට අවශ්‍ය ගෞරවය හිමිවන බවත්ය.
සම්පුර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නරඹන්න >>>>>>>>>




