”ජනාධිපති කෙනෙකුගේ විශ්‍රාම අතීතයට බලපාන ලෙස සංශෝධනයක් ගෙන්න බෑ. ඒ නිසා මම මේ සභාවේ මුලින්ම හරියාත්මකව ඉල්ලීමක් කරනවා කරුණාකරලා අතීතයට බලපාන ලෙස මෙම පනත ගේන්න එපා කියලා.”
මෙසේ ඉල්ලා සිටිමින් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු කියා සිටියේ විශ්‍රාම වැටුපෙන්ද යැපෙන මන්ත්‍රීවරුන්ද සිටින බවයි.
එබැවින් අතීතයට බලපාන ලෙස මෙම පනත ගෙන නොඑන ලෙස එතුමා ප්‍රකාශ කර සිටියේ ඊයේ (17) දින පැවති පාර්ලිමේන්තු සැසි වාරයේදීය.
ඒ සදහා පිළිතුරු ලෙස අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කරන ලද්දේ එම නීතිය අතීතයට බලපාන පරිදි සම්මත කරන ලද්දක් නොවන බවය.
එසේම ජනාරාධිපතිවරයාගේ විශාම වැටුප ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති නමුත් මන්ත්‍රීවරුන්ගේ වැටුපට එසේ නොවන බැවින් ව්‍යවස්ථාවට පටහැනි කටයුතු කර නොමැති බවත් එතුමා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
සම්පුර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නරඹන්න >>>>>>>>>





