කුරේගොඩදී සිදුවූ නීතිඥවරයෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාරුවන් විසින් අමාත්‍ය විජිත හේරත්ගෙන් ප්‍රශ්න කළේය.
ඒ ඊයේ (17) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
එම සිද්ධිය පිළිබඳව කණගාටුව පල කළ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන එක්තරා හුදෙකලා සිද්ධියක් පමණක් වගය.
එසේම දේශපාලන රැකවරණ මත ශක්තිමත් වූ මත්ද්‍රව්‍ය ජාවාරමත් සමග පාතාල ක්‍රියාකාරීත්වයත් වර්ධනය වී ඇති බව මෙන්ම නතර කිරීමට අවශ්‍ය කරන සහයෝගය ජනතාවගෙන්ද ලැබුවහොත් මෙම පාතාලය මුළුමනින්ම මර්දනය කළ හැකි බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
සම්පුර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නරඹන්න >>>>>>>>>





