78 වන නිදහස් දින සැමරුමට සමගාමිව පැවැත්වෙන හුණුපිටිය ගංගාරාමයේ පැවැත්වෙන දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනයේ තෙවන දින ඊයේ (06) දිනට යෙදී තිබිණි.
මෙහිදී ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණ සිටි හර්ෂණ රාජකරුණා සහ මහින්ද ජයසිංහ අමාත්‍යවරු ඒ පිළිබඳව ඔවුන්ගේ අදහස් පළ කිරීමක්ද සිදු කළහ.
ඒ අනුව රජය විසින් රටේ ආගම සංස්කෘතියට ගරු කරමින් සියලුම ජනතාව සන්තෝශ කරන ආකාරයේ පිළිවෙලක් සිදු කර ඇති බවත් ආණ්ඩුව ආගම් වෙනුවෙන් දක්වන ලැදියාව වසර එක හමාරක් වැනි ආසන්න කාලයක් තුළ ප්‍රදර්ශනය කර ඇති බවත් අමාත්‍යවරු ප්‍රකාශ කළහ.
ආගම දහම ඔස්සේ ජනතාවගේ සදාචාර ජීවිතය තව තවත් පෝෂණය කරමින් ඉදිරියට යාමට අවශ්‍ය වගත් ඒ උදෙසා ආණ්ඩුවක් ලෙස කටයුතු කරමින් සිටින අතර මෙම සර්වඥ ධාතු ප්‍රදර්ශනය එහි එක් අවස්ථාවක් වන බවත් ඔවුන් සඳහන් කරන ලදී.
සම්පූර්ණ වීඩියෝව අපගේ ‘webnews’ youtube චැනලයෙන් නැරඹිය හැක >>>>>>





