මාස 4 ක් තුළ අත්අඩංගුවටගත් රු මිලියන 305 ක නීති විරොධී දුම්වැටි කෙලවරපිටියේදි විනාශකරන ලදී.
2025-07-20 දින සිට 2025-11-30 දින දක්වා මාස 4ක් හා දින 10 ක් තුළ ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගනු ලැබු නීතිවිරෝධි සිගරැට් තොගයක් කෙලවරපිටිය කසල අංගනයට ගෙනගොස් විනාශකරන ලදි.
විනාශකිරිම සිදුකරන ලද්දේ කෙලවරපිටිය කසළ අංගනයේදී ය.
මෙහිදී ප්රකාශ කරන ලද ආකාරයට මෙම අතිවිශාල නීතිවිරොධි සිගරැට් තොගය එකවර අත්අඩංගුවට ගනු ලැබුවක් නොව, රේගුව විසින් කාටුන් 5 -10 වැනි ප්රමාණයන්ගෙන් වරින් වර අත්අඩංගුවට ගනු ලැබු සිගරැට් ය.
මෙහි සම්පුර්ණ වටිනාකම රුපියල් මිලියන 305 කට වැඩිය.





