ආපදාවට ලක් වූ සියලුම දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක සමග විශේෂ රැස්වීමක් සඳහා අද (27) උදෑසන කැඳවා තිබෙනවා.

ඒ අනුව, පාර්ලිමේන්තුවේදී අදාළ සාකච්ඡාව පැවැත්වෙන බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවේ සැසියේදී සඳහන් කළා.

අද දහවල් වන විට මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ අදාළ අංශවල අමාත්‍යවරු මහනුවර සහ නුවරඑළිය ප්‍රදේශවලට යෑමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.