නිසි පරීක්ෂාවකින් තොරව රේගුවෙන් බහාලුම් 323 ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර ඇති බව කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න අද (27) පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව ක්‍රියාත්මක වන බව අද (27) උදෑසන පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී කථානායක ජගත් වික්‍රමරත්න සඳහන් කළා.

අනිවාර්යය භෞතික පරීක්ෂාවකින් තොරව, බහාලුම් 323 ක් නිදහස් කිරීම පිළිබඳව නිවැරදි සෙවීමක් සිදුකර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා විපක්ෂය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කර ඇත.